Friday, April 19, 2024

General line - 0115112241

රටවල් 196ක් වායුගෝලය සුරැකීමට පෙරට එයි

තරංග රුක්ෂාන් ජයසේකර




වායුගෝලයට කාබන් මුදා හැරීම අවම කිරීමට ලොව රටවල් 196ක් එකඟතාව පළ කර තිබෙනවා. ඒ, පෝලන්තයේ පැවති තීරණාත්මක කාලගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදීයි. නව එකඟතාවන්ට අනුව ගෝලීය උණුසුම සෙන්ටිගේ‍්‍රඞ් අංශක දෙකකට වඩා ඉහළයාම වළක්වා ගත හැකි වනු ඇතැයි විද්වතුන් විශ්වාසය පළ කරනවා.
 
සති 02ක් පුරා පැවති මෙම සමුළුවේ එකඟතා පිළිබඳ විවිධ අර්බුද මතු වු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.