Tuesday, April 23, 2024

General line - 0115112241

අගමැති සියලූ දෙනාගේ සහය ඉල්ලයි




නූපන් පරම්පරාවට නිදහස් රටක් උරුම කරදීම වෙනුවෙන් ගොඩනැගෙන පුළුල් සන්ධානය හා අත්වැල් බැඳගන්නා ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සියලූදෙනාගෙන් ඉල්ලා සිටිනවා. අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සියලූ භේද පසෙකලා මාතෘ භූමිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ජනතා අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරියේ දී ද කටයුතු කරන බවයි. 

රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසු අද පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින්.