Wednesday, April 24, 2024

General line - 0115112241

නව අගමැති හමුවූ සම්බන්ධන් උතුරු නැගෙනහිරට අවශ්‍ය විසඳුම ගැන පැහැදිළි කරයි

දිනසේන රතුගමගේ




නව ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම සඳහා නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දෙමළ ජාතික සන්ධානය පූර්ණ සහය ලබා දෙන බවට ආර්. සම්බන්ධන් මන්ත්‍රිවරයා ඊ‍යේ (16) සවස අග්‍රාමාත්‍යවරයා හමු වී ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙනවා.

සම්බන්ධන් මන්ත්‍රිවරයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට ආපසු ඔහුගේ නිවස බලා යන අතරතුරදී අග්‍රාමාත්‍යවරයාව හමු වී ඇති බවයි nethnews.lk යාපනය වාර්තාකරු සඳහන් කළේ.

අනතුරුව සම්බන්ධන් මන්ත්‍රිවරයා මාධ්‍යට පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කොට එය සම්මත කරගැනීමට දෙමළ ජාතික සන්ධානය සහය ලබා දී ඒ තුළින් උතුරු නැගෙනහිර අර්බුදයට දේශපාලන විසදුමක්  ලබා ගැනීමට උත්සහ කරණ බවයි.

දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතා සමග ගිවිසුමකට අත්සන් කොට පෙඩරල් පාලන ක්‍රමයක් උතුරු නැගෙනහිර පළාත්වලට ලබා ගැනීමට යන බවට පැතිර ඇති ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් දෙමළ ජාතික සන්ධානය කිසිම අවස්ථාවක වෙනම රාජ්‍යක් ඉල්ලා නොසිටින බවත් සම්බන්ධන් මන්ත්‍රිවරයා මෙහිදී පවසා තිබෙනවා.

ඔහු වැඩි දුරටත් කියා ඇත්තේ දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර පළාත්වලට ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරෙන දේශපාලන විසදුමක් පමණක් ඉල්ලා සිටින බවයි.