Friday, April 26, 2024

General line - 0115112241

නවසීලන්ත පළමු ඉනිම ලකුණු 578යි - ශ්‍රී ලංකා දෙවන ඉනිමේත් මුල්පෙළ කඩාවැටේ

තරංග රුක්ෂාන් ජයසේකර




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ වැඩි ගෞරව දිනා ගැනීමට නවසීලන්තය මේ වනවිට සමත් වී තිබෙනවා.

ඒ, සිය පළමු ඉණිමට සියලූ දෙනා දැවී ලකුණු 578ක් රැස්කර ගනිමින්.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ටොම් ලැතම් නොදැවී ලකුණු 264ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලූ 04ක් බිඳ හෙළු අතර දිල්රුවන් පෙරේරා සහ ධනංජය ද සිල්වා අතරේ කඩුලූ 02 බැගින් බෙදී ගියා.

සිය දෙවන ඉනිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලූ 03ක් දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 20ක්.