Thursday, March 28, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවට එරෙහිව නවසීලන්ත පිතිකරුවෙකුගෙන් අපූරු වාර්තාවක්

තරංග රුක්ෂාන් ජයසේකර




ශී‍්‍ර ලංකා කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී නවසීලන්ත ආරම්භක පිතිකරු ටොම් ලැතම් අපූරු වාර්තාවක් බිහි කර තිබෙනවා. 

ඒ, ටෙස්ට් තරගයක් තුළ එකම පිත්තක් භාවිත කරමින් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියමින්. මෙම තරගයේදී නවසීලන්ත පළමු ඉනිම වෙනුවෙන් ටොම් ලැතම් නොදැවී ලකුණු 264ක් රැස් කළා. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ නොදැවී ලකුණු 244ක් රැුස් කළ එංගලන්තයේ ඇලෙස්ටෙයාර් කුක්. 

මේ අතර මෙම වසරේ ටෙස්ට් තරගයකදී පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව වන්නේද ටොම් ලැතම් රැස් කළ ලකුණු 264යි.