Thursday, April 25, 2024

General line - 0115112241

නව කැබිනට් මණ්ඩලයේ පත් කිරීම් සඳහා අභියෝගයක්

මහේෂ් චතුරංග




පිහිටුවනු ලබන නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය කිසිසේත් 30 ඉක්මවිය නොහැකි බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පෙන්වා දෙනවා. ඔහු ඒ පිළිබඳ කරුණු දැක්වූයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (17) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.

කෙසේවෙතත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව එහි කැබිනට්, රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යධූර ගණන වැඩි කර ගත නොහැකිදැයි මාධ්‍යවේදීන් මෙහිදී ප‍්‍රශ්ණ කළා. ඒ, එක්සත් ජාතික පක්ෂය සමග තවත් පක්ෂ කිහිපයක් දැනටමත් සන්ධානගතව සිටින බවද සිහිපත් කරමින්. මහාචාර්ය ජී එල් පීරිස් ඊට මෙලෙස ප‍්‍රතිචාර දැක්වුවා.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ 08දෙනෙකු මේවනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඔවුන්ගෙන් 07දෙනෙකුම පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ අලියා ලකුණ යටතේයි. එහෙත් එක් මන්තී‍්‍රවරයෙකු වෙනම තරග කර පාර්ලිමේන්තුවට පිවිසියා. 

ඒ අනුව එම මන්තී‍්‍රවරයා සමග ගිවිසුම්ගතව එක්සත් ජාතික පක්ෂයට නැවත ජාතික ආණ්ඩුවක් පිහිටුවිය නොහැකිදැයි මාධ්‍යවේදීන් මෙහිදී වැඩිදුරටත් ප‍්‍රශ්ණ කළා. මහාචාර්ය ජී එල් පීරිස් එහිදී ලබා දුන්නේ මෙවැනි පිළිතුරක්.

මෙම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට අභියෝගයක් භාර දුන්නා. ඒ, ප‍්‍රජතන්ත‍්‍රවාදය ගරු කරන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කරන ලෙසයි. එවැනි යෝජනාවක් ගෙන ආවහොත් ඊට සහය දීමට තම කණ්ඩායමද කටයුතු කරන බව රෝහිත අබේගුණවර්ධන මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පැවසුවා.