ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ධූරය සඳහා තරග කිරීමට හතරදෙනෙකු නාමයෝජනා භාර දී තිබෙනවා. නාමයෝජනා භාර ගැනීම අවසන් වූයේ අද (17) දිනයේයි.
හිටපු සභාපතිවරයෙකු වන තිලංග සුමතිපාල ද මෙවරත් සභාපතිධූරයට තරගකරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටියා. එහෙත්, ඔහුගේ පාර්ශවයෙන් මෙවර සභාපතිධූරයට තරග නාමයෝජනා භාර දී ඇත්තේ මොහාන් ද සිල්වායි. තමන් මෙවර නිලවරණයට තරග නොකරන බව තිලංග සුමතිපාල කියා සිටියා.
මේ අතර නිශාන්ත රණතුංගගේ පාර්ශවයෙන් සභාපතිධූරයට තරග කිරීමට කේ මතිවානන් නාම යෝජනා භාර දී තිබෙනවා. සභාපතිධූරයට තරග කිරීම සඳහා නාම යෝජනා භාර දී ඇති අනෙක් දෙදෙනා වන්නේ ජයන්ත ධර්මදාස සහ ශම්මි සිල්වායි.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය ලබන පෙබරවාරි මස 07වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.