Saturday, April 20, 2024

General line - 0115112241

දේශපාලන අර්බුධය විසඳා ගත්තාට බටහිරෙන් ලංකාවට පැසසුම්




උද්ගතවූ දේශපාලන අර්බුදය ව්‍යවස්ථානුකූලව සහ සාමකාමීව විසඳා ගැනීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට සිය ප‍්‍රසාදය පළ කරන බව යුරෝපා සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය පවසන්නේ ප‍්‍රජාතාන්ති‍්‍රක ආයතන යළි ශක්තිමත් කිරීම පිළිබඳවද 
ශ‍්‍රි ලංකාවට සිය ප‍්‍රසාදය පළ කරන බවයි. ප‍්‍රතිසන්ධානය සහ සුභසාධනය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව ඉදිරියේ ගනු ලබන උත්සහයන්ට තවදුරටත් සහය දක්වන බව යුරෝපා සංගමය මෙමගින් ප‍්‍රකාශ කර තිබෙනවා. 

මේ අතර ශ‍්‍රි ලංකාවේ සිදුවූ දේශපාලන වෙනස අගය කරන බවයි අමෙරිකාව සහ ඔස්ටේ‍්‍රලියාව ද ප‍්‍රකාශ කර ඇත්තේ. 

ශ‍්‍රී ලංකාව ඉන්දු පැසිෆික් කලාපය් සිටින සිය වටිනා සහකරුවෙකු බවද ඒ අනුව ශ‍්‍රි ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහය දක්වන බවද අමෙරිකාව පවසනවා. ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලෙයිනා බී ටෙප්ලිට්ස් විසින් තබන ලද ට්විටර් සටහනක ඒ බව සඳහන්. 

ශ‍්‍රී ලංකාවේ ඔස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඉන්දීය සාගර කලාපයේ සිටින සිය දිගු කාලීන මිත‍්‍රයෙකු වන 
ශ‍්‍රි ලංකාව ඇතිවූ දේශපාලන අර්බුදය විසඳා ගත් ආකාරය පිළිබඳ ප‍්‍රශංසා කරන බවයි. සාමය තහවුරු කිරීම සඳහා ශ‍්‍රී ලංකාව ගනු ලබන පියවරයන්ට තවදුරටත් සහය දක්වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.