Friday, March 29, 2024

General line - 0115112241

ගිනිබියක් නිසා පාර්ලිමේන්තුව නොසන්සුන් වෙයි

ඩිල්ෂාන් මඩවල / සජිත් තිලකරත්න




ගිනිබියක් හේතුවෙන් පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලය අද (17) දහවල් කෙටි වේලාවකට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් ඉවත් කෙරුණා. පසුව කළ සොයා බැලීමකදි හෙළිවී ඇත්තේ කෘමීන්ට යොදන රසායනිකයන් කසල මළුවල බහා ඉවත් කිරීමෙන් පසු එම රසායනික වර්ග දෙකක් එකිනෙක ප‍්‍රතිකි‍්‍රයා කර දුමක් ඇතිවී තිබෙන බවයි.

සුළු පිපුරුම් හඬක්ද එහිදී ශ‍්‍රවණය වී ඇතැයි ඇතැම් අය පවසනවා. කෙගෙස්වෙතත් අනතුරක් නොමැති බවයි ගිනි නිවන නිලධාරීන් විසින් තහවුරු කර ඇත්තේ. එම තහවුරුවෙන් පසු පාර්ලිමේන්තු වැඩකටයුතු නැවත යථා පරිදි ආරම්භ වී තිබෙනවා.