Friday, April 19, 2024

General line - 0115112241

ජනපති යටතට ගන්න යන අමාත්‍යාංශය මෙන්න

හේමන්ත කහවලගේ/සජිත් තිලකරත්න




නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය තමන් යටතට පවරා ගැනීමට ජනාධිපතිවරයා අදහස් කරන බව දේශපාලන ආරංචි පවසනවා. කැබිනට් මණ්ඩලය සඳහා එක්සත් ජාතික පෙරමුණේ යෝජිත නාම ලේඛණය ජනාධිපතිවරයා වෙත ලැබීමෙන් පසු ඒ පිළිබඳ ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති.

ජනාධිපතිවරයා වෙත පවරා ගැණෙන අමාත්‍යාංශ පිළිබඳවද එහිදී අවධානයට ගැනුණු ඇතැයි දේශපාලන ආරංචි පැවසුවා.

මේ අතර කැබිනට් මණ්ඩලය සඳහා එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කරන යෝජනාවලට ජනාධිපතිවරයා අකමැති වුවහොත් ඇති විය හැකි තත්ත්වය පිළිබදවද නෙත් නිවුස් විමසා බැලීමක් කළා.

එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසුවේ අමාත්‍ය ධුර සඳහා පුද්ගලයින් නම් කිරීමට අග‍්‍රාමාත්‍යවරයා විසින් සිදු කෙරෙන බවයි. ඒ අනුව ඉදිරිපත් කරන යෝජනා ජනාධිපතිවරයාට ඉවත දැමිය නොහැකි බවද ඔහු පැවසුවා.