Thursday, April 25, 2024

General line - 0115112241

සම්බන්ධන් කටයුතු කළ ආකාරයේ අඩුපාඩු ඇති බව TNA මන්ත්‍රි කියයි




විපක්‍ෂ නායකවරයා ලෙස ආර්. සම්බන්ධන් මහතා කටයුතු කිරීමේදී අඩුපාඩු සිදුවූ බව පිළිගන්නේ යැයි දෙමළ ජාතික සන්ධානය පවසනවා. ඊයේ (17) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාර්ල්ස් නිර්මලනාදන් ඒ බව පැවසුවා.

මහින්ද රාජපක්‍ෂ මහතා කෙරෙහි දෙමළ ජාතික සන්ධානයට ඇත්තේ පෞද්ගලික විරෝධයක් නොවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහාය දක්වන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍රවරයෙකු වන තාරක බාලසූරියද මෙම වැඩසටහනට සහභාගි වුණා. ඔහු පැවසුවේ මහින්ද රාජපක්‍ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවයි. 

අග‍්‍රාමාත්‍ය ධුරය අහිමිවුවද සිදුවූ බලපෙරළියෙන් ජයග‍්‍රහණ කිහිපයක්ම ලබාගත් බවද තාරක බාලසූරිය මන්ති‍්‍රවරයා මෙහිදී කියාසිටියා.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.