Friday, March 29, 2024

General line - 0115112241

සන්ධානයේ මන්ත්‍රිවරුන් තිදෙනෙක් ආණ්ඩුවට එක්වෙයි

සමන්ත කුමාර / දිනුක් හේවාවිතාරණ




එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් සෙනවිරත්න සහ ඉන්දික බණ්ඩාරනායක ආණ්ඩුවට සහය පල කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මෙහිදී විජිත් විජයමුණි සොයිසා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මෙම රජයට සහය දක්වන්න තමන් ඇතුළු මන්ත්‍රිවරුන් දෙදෙනා තීරණය කල බවයි.

මේ රට දේශපාලන ඉතිහාසයේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ඇතිවූ සිද්ධින් හා රටේ ජනතාවට ඇතිවී තිබෙන ගැටළු සහගත තත්ත්වයන් හේතුවෙන් වගකිවයුතු දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් රට වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.

කුඩා දේශපාලන පක්ෂ මෙම අවස්ථාවේදී ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් තමන් ස්තුතිවන්ත වනවා යැයි මෙහිදී මන්ත්‍රිවරයා කියා සිටියා.

මම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මම ස්තුතිවන්ත වනවා. මොකද මට වැඩ කරන්න කැබිනට් ඇමතිකම් ලබා දුන්නා. නමුත් අද වන විට මගේ සංවිධායකවරුන් කතා කරලා කියනවා දැනට තිබෙන තත්ත්වේ එක්ක වැඩ කරන්න විදිහක් නැහැ කියලා. ඒ නිසයි මම තීරණය ගත්තේ.

මහින්ද රාජපක්ෂ මැතිතුමනි මම ඔබ තුමන්ට ස්තුතිවන්ත වනවා. නමුත් ඔබතුමන් වටේ ඉන්න වෘකයෝ සහ හිවල්ලු සමග වැඩ කරන්න විදිහක් නැහැයි මෙහිදී මන්ත්‍රිවරයා වැඩිදුරත් කියා සිටියේ.