Thursday, April 18, 2024

General line - 0115112241

ගාල්ල දිස්ති‍්‍රක් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අලෙවි ප‍්‍රදර්ශනය හෙට සිට ඇරඹෙයි

නිශාන් ද සිල්වා




ගාල්ල දිස්ති‍්‍රක් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා ගාල්ල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය ඇතුළු ආයතන කිහිපයක් එක්ව සංවිධාන කරන අලෙවි ප‍්‍රදර්ශනය හෙට (19) ආරම්භ වනවා. ලබන 21වැනිදා දක්වා මෙම ප‍්‍රදර්ශනය කි‍්‍රයාත්මකයි. 

ඒ පිළිබඳ අදහස් දැක්වූ ගාල්ල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්‍ෂ එන්. සී. ඩබ්ලිව්. ජයසේකර සඳහන් කළේ කුඩා ව්‍යාපාර සංවර්ධනයට මෙය හොඳ අවස්ථාවක් වෙනු ඇති බවයි.

ගාල්ල නගර ශාලා භූමියේදී පැවැත්වෙන මෙම ප‍්‍රදර්ශනය පෙරවරු 08 සිට රාතී‍්‍ර 08 දක්වා විවෘතව පවතිනවා.