Friday, April 19, 2024

General line - 0115112241

අපිට ඇමතිකම් එපා - මනෝ ගනේෂන් කියයි

දිනුක් හේවාවිතාරණ




කැබිනට් මණ්ඩලය 30 කට සිමා කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත්නම් තමන් සහ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රිවරයා ඇමතිධුර භාර ගැනීමෙන් වැලකි සිටීමට තීරණය කල බව මනෝ ගනේෂන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටිනවා.

මෙම අවස්ථාවේදී මෙම තීරණයට තමන් සහ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රිවරයා ස්වකැමැත්තෙන් ඉදිරිපත් වීමට තීරණය කළ බවයි මනෝ ගනේෂන් මන්ත්‍රිවරයා සිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

අද පාර්ලිමේන්තුවේ පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සිය මතය මනෝ ගනේෂන් සහ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.