Friday, March 29, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක ලහිරු කුමාර ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් දඩ

තරංග රුක්ෂාන් ජයසේකර




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක ලහිරු කුමාරට තරග ගාස්තුවෙන් සියයට 15ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ, නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ 03 වන දිනයේ ඇති වූ සිද්ධියක් පාදක කර ගනිමින්.

එහිදී පන්දුවට පහරදෙමින් සිටි ටොම් ලැතම්ට ලහිරු කුමාර අසභ්‍ය වචන ප‍්‍රකාශ කර ඇති අතර එහි හඩ විකට්ටුවේ සවි කර තිබූ කැමරාවල සටහන් වී ඇති බවයි පැවසෙන්නේ. තරගයෙන් අනතුරුව කළ විමර්ශනයේ දී ඔහු වරද පිළිගැනීම හේතුවෙන් ඉදිරි විමර්ශනයක් සිදු නොකරනු ඇති. එහෙත් ක‍්‍රීඩා ආචාර ධර්ම කඩකළ බවට ලහිරු කුමාරට චෝදනා එල්ල වුණා. දඩ මුදලට අමතරව ද`ඩුවම් ලකුණක් ද ඔහුට ලබාදීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.