Thursday, April 25, 2024

General line - 0115112241

ජනාධිපති ඉදිරියේ ඊයේ පණ දෙන්නම් කියපු සොයිසා අද පැත්ත මාරු කළා. මට නම් පුදුමයි : මුතුහෙට්ටිගම කියයි

සමන්ත කුමාර




පාර්ලිමේන්තු සභා වාරය අවසානයේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. ඔවුන්ගේ ප‍්‍රමුඛ මාතෘකාව වී තිබුණේ අද (18) සිදු වූ පිල් මාරුවයි. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මේ පිලිබදව පළකර සිටියේ මෙවන් අදහසක්.

" ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන්ට එක තැන ඉන්න බැරි බවයි. එයාලා බලය තියෙන පැත්තට යනවා. නමුත් මම විපක්ෂයේ ඉන්නේ සතුටින් මන්ත්‍රිවරයා කියා සිටියා".

මේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් පළ කළ අදහස්. 

අද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුන් දෙනෙක් එකතු උනා. හෙට අනිද්දා වෙන කොට තවත් අය එකතු වෙනවා. අපිට 113 නෙමෙයි ඊට වඩා වැඩි ගානක් පාර්ලිමේන්තුවේ හදා ගන්න පුළුවන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවැරුන් ඇරෙන්න.

විජිත් විජයමුණි සොයිසා මන්ත‍්‍රීවරයාගේ පිල් මාරුව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මෙහිදී අපූරු ප‍්‍රකාශයක් සිදු කළා.
 
යන අය කියලා යන්නේ නැහැ. ඊයේ අපිත් එක්ක ජනාධිපතිතුමා ඉදිරියේ පන දෙන්නම් කියලා හිටියේ. නමුත් අද උනේ වෙන දෙයක්, මට හිතා ගන්න බැරි උනා. කොහොම උනත් කවුරු ගියත් ජනතාව යන්නේ නැහැ. ලබන ජන්දෙදි අපිට ජනතාව තුනෙන් දෙකක බලයක් දෙනවා. විජයමුණි සොයිසා මන්ත්‍රිවරයා ජන්දෙන් පත්වු කෙනෙක් නෙමෙයි. එයා ආවේ ජාතික ලැයිස්තුවෙන්. ලැජ්ජයි.

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් මෙහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළා. 

ඇමතිධුර දිය යුත්තේ කොහොමද කියලා අද පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේදී දීර්ඝ වශයෙන් සාකච්ජා කළා. එහිදී ඇමතිධුර 30 කට සිමා කළ යුතු නිසා අගමැතිවරයා ඇහුවා කැමැත්තෙන් ඉල්ලා අස්වෙන්න කැමති අය කවුද කියලා. ඒ අවස්ථාවේදී මලික් සමරවික්‍රම ඇතුළු කිහිපදෙනෙක්ම ඒ සම්බන්ධයෙන් තම කැමැත්ත ප්‍රකාශ කර සිටියා. සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකතුමා ප්‍රකාශ කල ආකාරයට කැබිනට් මණ්ඩලයට අගමැතිතුමා සුදුසු පුද්ගලයින් පත් කරයි, මන්ත්‍රිවරයා කියා සිටියා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන් ද ප‍්‍රකාශ කළේ තමන් මෙන්ම රිෂාඞ් බදියුදීන් මන්ත‍්‍රීවරයා ද ස්ව කැමැත්තෙන් අමාත්‍ය ධුර භාර නොගන්නා බවයි. කැබිනට් මණ්ඩලයේ උපරිමට තිස් දෙනෙකුගෙන් සමන්විත කර ගැනීම එහි අරමුණ බවද ඔහු ප‍්‍රකාශ කළා.