Thursday, April 18, 2024

General line - 0115112241

මැතිව්ස් සහ කුසල්ගේ නොබිඳුණු සබඳතාවත් සමගින් තරගය අතහැර දමයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අද (19) තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අත්හැර දැමුණා.

ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමටයි තීරණය කළේ.

සිය දෙවන ඉණිම ක‍්‍රීඩා කරමින් සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම ඒ වනවිට කඩුලූ 03කට ලකුණු 287ක් රැස්කර ගෙන සිටියා. කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ නොබිදුණු සබඳතාව ලකුණු 274ක්. මැතිව්ස් නොදැවී ලකුණු 120ක් ද කුසල් නොදැවී ලකුණු 141ක් ද රැස් කරගෙන සිටියා.