Friday, January 18, 2019
Hotline - 0770586666

වත්මන් අගමැතිවරයාගේ වැය ශීර්ෂය සම්බන්ධයෙනුත් ගැටලුවක් ජවිපෙ පෙන්වයි

සජිත් තිලකරත්න

5845Views

වත්මන් අගමැතිවරයාගේ වැය ශීර්ෂය සම්බන්ධයෙන්ද ගැටළුවක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක සඳහන් කළේ අගමැති වැය ශීර්ෂය අත්හිටුවමින් මේ වනවිට පාර්ලිමේන්තුවේදී යෝජනාවක් සම්මත වී ඇති බවයි.

එය සම්මත කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධුරය දැරූ සමයේදී වුවද එය චරිතයක් මත පදනම් වූ යෝජනාවක් නොවන බවයි බිමල් රත්නායක මන්ත‍්‍රීවරයා කියා සිටියා. 

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් එක්සත් ජාතික පක්ෂයෙන් ද විමසීමක් කළා. ඊට ප‍්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ පෙන්වා දුන්නේ "අයවැයෙන් සම්මත වූ වැය ශීර්ෂය තියෙනවා. පසුගිය කාලයේ වුණේ නීතිවිරෝධී ලෙස පත් වුණු මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ වැය ශීර්ෂය කපා හැරීමයි. ඒ අනුව වර්තමාන අගමැතිවරයාට වැය ශීර්ෂයක් සම්මත කිරීමේ අවශ්‍යතාවයක් නෑ." යනුවෙනි.

කෙසේවෙතත් ඕනෑම අවස්ථාවකට මුහුණ දීම සඳහා සිය පාර්ශ්වයට බහුතරයක් ඇති බවයි වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

අගමැති වැය ශීර්ෂය සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් මතු වුවහොත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර නව යෝජනාවක් වුවද ගෙන ආ හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.