Thursday, April 25, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසම මුළින්ම බලාපොරොත්තු වෙන මැතිවරණය ගැන පැහැදිළි කරයි

රවින්ද්‍ර චන්ද්‍රලාල්




ලබන වසරේ ජනවාරී මස 09 වැනිදායින් පසු ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාවක් ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය පවසනවා.

ඒ අනුව ඕනෑම මැතිවරණයකට කොමිසම සූදානම් බවයි ඔහු කියා සිටියේ. 

එහිදී "ජනාධිපතිවරණය තියන්න තියෙන්නේ 2019 යේ නොවැම්බර් 09ත් දෙසැම්බර් 09ත් අතර. ඊට කලින් තියන්න ඕනේ නම් ජනවාරි 09 වැනිදායින් පස්සේ ඕනම වෙලාවක වත්මන් ජනාධිපතිතුමාට පුළුවන් තමන් නැවත පත්වීමේ අභිලාශයක් තියෙනවා කියලා ජනතාවගෙන් වරමක් ලබා ගැනීමට ඡන්ද විමසීමක් කැඳවන්න. නමුත් අපි පළමුවෙන්ම බලාපොරොත්තු වෙන්නේ පළාත් සභා මැතිවරණයයි. හැබැයි ඉතින් පාර්ලිමේන්තුවටත් පුළුවන් තුනෙන් දෙකක් එකතු වෙලා විසුරුවා හැරලා ඡන්දයක් තියාගන්න ඕනෙයි කියලා කියන්න. ඒ නිසා අපි ඕනම ඡන්දයකට ලෑස්තියි." යනුවෙන් සඳහන් කළා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳව ද මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කෙරුණා. 

එහිදී "2020 නොවැම්බර් 01 වැනිදා වෙනකොට ජාතික මට්ටමේ මැතිවරණ 03ක් තියෙනවා. එකක් පළාත් සභා ඡන්ද විමසීම. දෙක ජනාධිපතිවරණය. තුන්වෙනි එක පාර්ලිමේන්තු මහ මැතිවරණය." යනුවෙන් පැවසුවා. 

ගාල්ලේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මෙම අදහස් පළ කළා.