Friday, April 26, 2024

General line - 0115112241

බෙල්ජියමේ අග‍්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

හර්ෂිකා සංජීවනි




බෙල්ජියම් අග‍්‍රාමාත්‍ය චාල්ස් මයිකල් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග අත්සන් කිරීමට නියමිත සංක‍්‍රමණික ප‍්‍රතිපත්තියට එරෙහිව රට තුළ විරෝධතා මතුවීම සැලකිල්ලට ගනිමින්.

අදාළ සංක‍්‍රමණික ප‍්‍රතිපත්තියට විරෝධය පළ කරමින් බෙල්ජියම් අග‍්‍රාමාත්‍යවරයාගේ පාලක සන්ධානයේ ප‍්‍රධාන පක්ෂ කිහිපයක් ද ඉකුත් දා ඉන් ඉවත් වුණා.

අනතුරුව ඔවුන් බෙල්ජියම් අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම තත්වය මත  චාල්ස් මයිකල් මෙලෙස අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.