Friday, April 19, 2024

General line - 0115112241

චීනයෙන් ශ‍්‍රී ලංකාවට තවත් ආධාර




චීනයෙන් ශ‍්‍රී ලංකාවට ප‍්‍රධානය කෙරුණු ජල බවුසර් 90ක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාරදීම අද (19) සිදු කෙරුණා. 

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

ඉකුත් කාලය පුරා පැවැති කාලගුණික බලපෑම් හේතුවෙන් රජය ආරම්භ කළ සහන වැඩපිළිවෙළට සහය දැක්වීමක් ලෙස චීනය, රුපියල් බිලියනයකට අධික මෙම ජල බවුසර් තොගය ප‍්‍රදානය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

දෙරට අතර පවතින ශක්තිමත් මිතුදම තහවුරු කරමින් චීන ආධාර වැඩසටහන යටතේ මෙම ජල බවුසර් ප‍්‍රදානය සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.