Thursday, April 25, 2024

General line - 0115112241

විපක්ෂනායක ධූරය මාස දෙකකට අත්හිටුවීමේ සූදානමක්

සජිත් තරංග තිලකරත්න/ සමන්ත කුමාර




විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් තීරණය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලා මන්තී‍්‍රවරුන් 09දෙනෙකු කතානායකවරයා වෙත අද (19) යෝජනාවක් භාර දී තිබෙනවා. 

නිරවුල් තීරණයකට එළඹෙන තෙක් විපක්ෂනායක ධූරය මාස 02කට තාවකාලිකව අත්හිටුවන්නැයිද මෙමගින් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ. 

එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් 08දෙනෙකු හා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම් ඒ සුමන්තිරන් මන්තී‍්‍රවරයා මෙම යෝජනාව භාර දී ඇතැයිද වාර්තා වනවා.

යෝජනාව භාර දී ඇති එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් වන්නේ මහාචාර්ය ආශු මාරසිංහ, රෝහිණී කුමාරි, එම් එස් තවුෆික්, නාලක ප‍්‍රසාද් කොළඹගේ, රන්ජන් රාමනායක, ජයම්පති වික‍්‍රමරත්න, පාලිත රංගේබණ්ඩාර යන අයයි.

මේ අතර විපක්ෂනායක ධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලබා නොදීමට එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය විවිධ තර්ක ඉදිරිපත් කරන්නේ ඊලාම් අරමුණු ඉටු කර ගැනීමට බවත්, එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ශව ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ කතා කළත් ඔවුන් කටයුතු කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ඔවුන් අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී  මේ බව සඳහන් කළා.