Wednesday, April 24, 2024

General line - 0115112241

එජාපයේ තවත් ප්‍රබලයෝ දෙදෙනක් ඇමතිධූර එපා කියති

හේමන්ත කහවලගේ/ඩිල්ෂාන් මඩවල




ස්වේච්ඡාවෙන් අමාත්‍යධූර අත්හැරීමට තිලක් මාරපන සහ ඞී එම් ස්වාමිනාදන් යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ද කැමැත්ත කළ කර තිබෙනවා. යහපාලන ආණ්ඩුවේදී ඔවුන් දෙදෙනාම අමාත්‍යධූර හොබවනු ලැබුවා

මෙවර එක්සත් ජාතික පෙරමුණ විසින් පිහිටුවනු ලබන්නේ තනි ආණ්ඩුවක් බැවින් එහි කැබිනට් මණ්ඩලය 30කට සීමා විය යුතුයි. ඒ අනුව ස්වේච්ඡාවෙන් අමාත්‍යධූර අත්හැරීමට ඉදිරිපත් වන්නේ කවුරුන්දැයි එක්සත් ජාතික පෙරමුණේ මන්තී‍්‍රවරුන්ගෙන් විමසීමක් කළ බව මීට පෙර වාර්තාවුණා.

ඒ අනුව මලික් සමරවික‍්‍රම මන්තී‍්‍රවරයා අමාත්‍යධූර අත්හැරීමට එකග වූ බවපාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ (18) කියා සිටි අතර මනෝ ගනේෂන් සහ රිෂාඞ් බදියුර්දීන් යන මන්තී‍්‍රවරුන්ද අමාත්‍යධූර අත්හැරීමට එක්ගවූ බව මින් පෙර වාර්තා වුණා.

මේ අතර නව කැබිනට් මණ්ඩලය බොහෝවිට හෙට (20) දිවුරුම් දෙනු ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයා ගමගේ නෙත් නිවුස්  වෙත අදහස් දක්වමින් සඳහන් කළා.