Tuesday, April 23, 2024

General line - 0115112241

තහනම් උත්තේජක චෝදනා ලද ධාවන ශූර කාලිංග කුමාර බී සාම්පල පරීක්ෂණයකට

කසුන් කැළුම්




තහනම් උත්තේජක ලබා ගත් බවට චෝදනා එල්ල වූ මීටර් 400 ධාවන ශූර කාලිංග කුමාර, බී සාම්පල පරීක්ෂණයක් සදහා යොමුවීමට තීරණය කර තිබෙනවා.

ඉකුත් දා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේ පැවති අන්තර් රෙජිමේන්තු මලල කී‍්‍රඩා තරගාවලියේදී ඇනබොලික් ස්ටොරයිඕ සංඝටක ඇතුළත් තහනම් උත්තේජක වාර්ගයක් භාවිත කර ඇති බවටයි ඔහුට චෝදනා එල්ල වුණේ.

එම චෝදනාව තමන් ප‍්‍රතික්ෂේප කරන බවත් ඊට එරෙහිව අභියාචනයක් ගොනු කරන බවත් කාලිංග කුමාර ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව කාලිංග කුමාර පෙනී සිටින බී සාම්පල පරීක්ෂාව ඉදිරියේදී ඉන්දියාවේ රසායනාගාරයකදී සිදු කිරීමට නියමිතයි.

අදාළ චෝදනාව තවදුරටත් තහවුරු වුවහොත් කාලිංග කුමාර විනය කමිටුව හමුවේ පෙනී සිටිය යුතු අතර එහිදී ඔහුට එරෙහිව ඉදිරි පියවර ගනු ඇති බවයි ශී‍්‍ර ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සීවලී ජයවික‍්‍රම නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ.

මෙම චෝදනාව හේතුවෙන් කාලිංග කුමාරට මේ වන විට තාවකාලික තරග තහනමක්ද පනවා තිබෙනවා.