Saturday, April 20, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම අලෙවි ප‍්‍රවර්ධන ඔග්මෙන්ටඞ් රියැලිටි (AIR) අත්දැකීම NDB බැංකුව ඔබ වෙත ගෙන එන එයි




ශ‍්‍රී  ලංකාවේ  සුපතල  වාණිජ  බැංකු  අතර  දැවැන්තයෙකු  වන  NDB බැංකුව  දශක  හතරකට  ආසන්න කාලයක සිට සිය පාරිභෝගික ජනතාවට  බැංකුකරණයේ නවමු අත්දැකීම් ලබාදෙන්නට නිරන්තරයෙන්ම සූදානමින් සිටියි. ඒ උත්සාහයේ තවත් ප‍්‍රතිපලයක් ලෙස NDB බැංකුව මේ දෙසැම්බර් උත්සව සමයේ තවත් එවැනිම ආකර්ශනීය අත්දැකීමක් විඳගන්න සිය පාරිභෝගික ජනතාවට ඉඩ ලබා දුන්නා.

සෑම  උත්සව  කාලයකදීම  වැඩි  වැඩියෙන්  දීමනා  ලබාදීම  NDB  බැංකුවේ Gold Life ක්‍රෙඩිට්  කාඞ්හි ප‍්‍රධාන අරමුණ විය. නමුත් මෙවර ඔවුන් ඒකාකාරී දීමනා අත්දැකීමකට එහා ගොස් ඔග්මෙන්ටඞ් රියැලිටි (AR) තාක්‍ෂණය හා එක්ව NDB Gold Life ක්‍රෙඩිට් කාඞ් උත්සව දීමනා අත්විදින්නට පාරිභෝගිකයින්ට අවස්ථාව  ලබාදෙනවා. මෙය ශ‍්‍රී  ලාංකේය පාරිභෝගිකයින්ට හිමිවෙන පළමු ඔග්මෙන්ටඞ් රියැලිටි අත්දැකීම වන අතර එය මෙම   උත්සව කාලයේ ඇති කලබලකාරීබව මගහැරීමට යොදාගත් නිර්මාණශීලීම ප‍්‍රයත්නයක් ලෙසත් දක්වන්න හැකියි.

මෙහිදී පාරිභෝගිකයින්ට NDB  බැංකුවේ විසින් ප‍්‍රචාරණය කරන අත් පත‍්‍රකා, දැන්වීම්  පුවරු, පුවත් පත් අතිරේක හෝ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වන දැන්වීම් ස්කෑන්කර මතුවෙන NDB ක්‍රෙඩිට් කාඞ් බ‍්‍රෑන්ඞ් මැස්කොට් සිටින 3D  වීඩියෝව ෆේස්බුක් හරහා Share කිරීමෙන් සාමාන්‍යයෙන් ලැබෙන ක්‍රෙඩිට් කාඞ් දීමනාවලට අමතරව තවත් විශේෂ හා වටිනා තෑගි රැසක් පාරිභෝගික ජනතාවට හිමි වෙනවා.

2018 වසරේ දෙසැම්බර් 04 වන දින සිට ආරම්භ වූ මෙම ආකර්ශනීය වැඩසටහන මෙම උත්සව කාලය අවසන්  වන  තුරුම  දිගහැරෙනවා. එසේම  සියලුම  පාරිභෝගික  ජනතාවට මෙම අත්දැකීමත් සමග එක්වන ලෙසින් NDB බැංකුව ආරාධනා කරනවා. "Hot Offers" යන අදහසින් දිගහැරෙන මෙම වැඩසටහනට  ගැන  අලෙවිකරණ  සහ  පාරිභෝගික අත්දැකීම් පිළිබඳ උප සභාපති සංජය සෙනරත් මෙලෙස සිය අදහස් දැක්වූවා. ඒ නම්, ”මෙවැනි නව්‍ය අත්දැකීමක් අපගේ පාරිභෝගික ජනතාවටලබා  දීමට හැකි  වීම  ගැන  අපි  ඉතාමත්  සතුටට  පත්වෙනවා.  එසේම  ශ‍්‍රී  ලංකාවේ  පළමු  ඔග්මෙන්ටඞ් රියැලිටි වැඩසටහනට මූලාරම්භය ගැනීමට අප බැංකුව නිරන්තරයෙන් සිතූ අතර මේ උත්සව සමය ඒ  සඳහා  හොඳම කාලය බව අපි තීරණය කළා. මේ  වන විට මෙම වැඩසටහනට ලැබෙන ප‍්‍රතිචාර ගැන අපි ඉතාමත්  සතුටයි. සෑම විටම අලුත් සහ වෙනස් අත්දැකීමක් ජනතාවට ලබාදීමට උත්සාහ කරන NDB බැංකුව ඉදරියේදීත් මෙවැනි නව්‍ය අත්දැකීම් ජනතාවට ලබාදීමට සූදානම්” යැයි ප්‍රකාශ කර සිටියා.

ඉතින් ඔබත් තවම NDB බැංකුවේ මෙම ඔග්මෙන්ටඞ් රියැලිටි අත්දැකීමත් සමග එක්වුණේ නැත්නම් අදම NDB බැංකුව සමග අත්වැල් බැඳගත් අලෙවි ආයතනවලට ගොස් එම තැන්වල ප‍්‍රදර්ශනය කර ඇති දැන්වීම් ස්කෑන් කර උත්සව සමයේ සතුට දෙගුණ තෙගුණ කරගන්න. එසේම ඔබට මේ පිළිබඳව
තවත් විස්තර දැනගවීමට අවශ්‍යයි නම් NDB බැංකුවේ ෆේස්බුක් පිටුව සමග එක්වෙන්න. ඉදිරියේදීත් NDB  බැංකුව සමග තවත් මෙවැනි නවතම අත්දැකීමක් විඳගන්න බලාපොරොත්තුවෙන් සිටින්න.