Wednesday, April 17, 2024

General line - 0115112241

බිග් බෑෂ් කි‍්‍රකට් තරගාවලියේ තවත් තරග 2 ක් අද

සමන්ත කුමාර




ඕස්ටේ‍්‍රලියාවේදි පැවැත්වෙන බිග් බෑෂ් කි‍්‍රකට් තරගාවලියේ තවත් තරග 2 ක් අද (22) පැවැත්වෙනවා. පළමු තරගය පැවැත්වෙන්නේ සිඞ්නි සික්සර්ස් කණ්ඩායම සහ පර්ත් ස්ක්‍රොචස් කණ්ඩායම අතරයි. සිඞ්නිහිදී එම තරගය පැවැත්වෙනවා. බි‍්‍රස්බේන්හි සහ හෝර්බාට් හරිකන්ස් කණ්ඩායම අතර අනෙක් තරගය පැවැත්වීම නියමිතයි.

මේ අතර ඊයේ (21) පැවති සිඞ්නි තන්ඩර් සහ මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම අතර තරගයක් පැවැත්වුණා. ඩක්වර්ත් ලූවිස් න්‍යායට අනුව එම තරගයේ ජය හිමිවුණේ සිඞ්නි කණ්ඩායමටයි. පළමුවෙන් පන්දුවට පහරදුන් සිඞ්නි කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 5 ක් දැවී ලකුණු 181 ක් රැස් කළා. තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට මෙල්බර්න් කණ්ඩායම පන්දුවාර 8 ක් අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුණු 74 ක් රැස්කර ගෙන සිිටියා.