Thursday, April 25, 2024

General line - 0115112241

ට‍්‍රම්ප්ගේ නියෝගයක් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

දිනුක් හේවාවිතාරණ




නීතිවිරෝධී ලෙස අමෙරිකාවට ඇතුළු වන සංක‍්‍රමණිකයින්ගේ සරණාගතභාවය අහෝසි කිරීමට ට‍්‍රම්ප් පරිපාලනය ගෙනආ තීරණයක් අත්හිටුවීමට අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ඒ, නව පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලූණු අදාළ නඩුවේදී බහුතර විනිසුරුවන්ගේ මතය අනුවයි. විනිසුරුවරුන් පස් දෙනෙකුගේ මතය වී ඇත්තේ ට‍්‍රම්ප් පරිපාලනය ගෙනආ තීරණය අත්හිටුවිය යුතු බවයි. අනෙක් විනිසුරුවරුන් සිව් දෙනා ඊට විරුද්ධ මතයක් දරා තිබෙනවා. 

ඉකුත් නොවැම්බර් මස 9 වනදා අමෙරිකානු ජනාධිපති ට‍්‍රම්ප් කියාසිටියේ අමෙරිකාවට නීත්‍යනුකූල ලෙස ඇතුළු වන සරණාගතයින්ට පමණක් අමෙරිකාවේ පුරවැසිභාවය ලබාදීම සම්බන්ධයෙන් අභියාචනා සළකා බලන බවයි. එම නියෝගය අනුව පහළ ෆෙඩරල් අධිකරණය මගින් අභියාචනා සලකා බැලීමේ හැකියාවක් ඇත්දැයි අමෙරිකානු සොලිසිටර් ජනරාල් නොයෙල් ප‍්‍රැන්සිස්කෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටියා.

එය සළකා බලමිනුයි නව පුද්ගලය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල 5 ට 4 ක් ලෙස බෙදුණු තීන්දුවකින් ට‍්‍රම්ප්ගේ නියෝගය අත්හිටුවා ඇත්්තේ.