Friday, March 29, 2024

General line - 0115112241

අමෙරිකානු රජය යළිත් අකර්මන්‍ය වීමේ අවදානමක්

පවිත්‍රා මධුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ට‍්‍රම්ප් පාලනයේ තෙවන වරටත් අමෙරිකානු රජය අකර්මන්‍ය වී තිබෙනවා. ඒ අයවැය අනුමත කර ගැනීමට රජය මෙවරත් අපොහොසත් වීම හමුවේයි. අමෙරිකාව හා මෙක්සිකෝව අතර ඉදිකිරීමට නියමිත දේශසීමා තාප්පය වෙනුවෙන් ඩොලර් බිලියන 05ක මුදලක් වෙන් කිරීමට මෙවර අයවැය මගින් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් යෝජනා කර තිබෙනවා.

එහෙත් ඒ සඳහා සෙනට් මණ්ඩලයේ ඩිමොක‍්‍රටික් පාක්ෂිකයින් විරුද්ධ වීම හමුවේ අයවැය සම්මත කර ගැනිමට මෙතෙක් හැකි වී නැහැ.