Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දියාවට එරෙහි 3වන ටෙස්ට් තරගය සඳහා ඕස්ට්‍රේලියාව අවුරුදු 7ක ක්‍රීඩකයෙක් කැඳවයි (VIDEO/PHOTO)

දිනුක් හේවාවිතාරණ




ඉන්දියාව සමග අනිද්දා (26) මෙල්බර්න් හිදි ආරම්භ විමට නියමිත 3 වන ටෙස්ට් තරගය සදහා අවුරුදු 7ක් වයසැති ක්‍රිඩකයෙක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නම් කර තිබෙනවා.

ආර්චී ෂීලර් නම් මෙම සත් හැවිරිදි පා දඟ පන්දු යවන ක්‍රිඩකයා ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගයේදි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සම නායකයා ලෙසට ද කටයුතු කර ඇති බවට නිත්‍ය නායක ටිම් පේන් ඊයේ (22) පැවති උත්සවයකදි දැනුම් දෙනු ලැබුවා.

ඉතා දුර්ලභ ගණයේ හදවත් රෝගයකින් පෙලෙන මෙම සත් හැවිරිදි දරුවාගේ එකම ආශාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරිම බව ඔහු සිය පියාට පවසා තිබෙනවා. මේ බව එරට ක්‍රිකට් ආයතනය දැනුවත් කිරිමෙන් පසු ඔහුට එම අවස්ථාව ලබා දීමට ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම පාකිස්ථානය සමග ඩුබායි හිදී පැවති ක්‍රිකට් සංචාරය අතර වාරයේදි කණ්ඩායමේ පුහුණුකරු ජස්ටින් ලැන්ගර් විසින් සත් හැවිරිදි ආර්චී ෂීලර් හට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඔහුව සිය කණ්ඩායමට තෝරා ගෙන ඇති බව දැනුම් දි තිබෙනවා.

ඉන්දීය සංචාරය ආරම්භ විමට පෙර ඇඩිලේඩ් ඕවල් ක්‍රිඩාංගනයේ පැවති ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණු සැසියටද මෙම සත් හැවිරිදි දරුවා සහභාගිවු අතර එහිදී ඔහුට කණ්ඩායමේ සමාජිකත්වය ලබා දීමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.

ඕස්ට්‍රේලියානු දඟ පන්දු ක්‍රිඩක නේදන් ලයන් ගේ සහයක පන්දු යවන්නා ලෙස ආර්චී ෂීලර් ඉන්දියාවට එරෙහිව තුන්වන ටෙස්ට් තරගයේදි ක්‍රීඩා කිරීමට නියමිතයි.