Thursday, March 28, 2024

General line - 0115112241

සුපිරි මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ගිනස් වාර්තාවක් තැබීමට සූදානම්

කසුන් කැළුම්




සුපිරි මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ගිනස් වාර්තාවක් තැබීමට සූදානම් වනවා.

නෙත් ස්පෝට්ස්මන් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් මේ වනවිට වසර 38ක් මෝටර් රථ ධාවන තරගවල නිරත වන බවයි. 2020 වසරේදී තමන්ගේ මෝටර් රථ තරග දිවියට වසර 40ක් සපිරෙන බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව වැඩිම වසර සංඛ්‍යාවක් මෝටර් රථ ධාවන තරගවලට එක්වූ කී‍්‍රඩකයා ලෙස තමන්ට ගිනස් වාර්තාවක් තැබීමට අවස්ථාව හිමිවන බවද ඩිලන්ත මාලගමුව නෙත් ස්පෝට්ස්මන් වෙත ප‍්‍රකාශ කළා.

ජාත්‍යන්තර මෝටර් රථ ධාවන තරගවලදී තමන් මේ දක්වා ලැබූ ජයග‍්‍රහණ පිළිබඳවද ඩිලන්ත මාලගමුව අදහස් පළ කළා.

එහිදී "ජයග්‍රහන මෙතෙක් බැලුවොත් ආසියානු ජයග්‍රහණ විශාල සංඛ්‍යාවක් තියෙනවා. දැනට අන්තර්ජාතික තරග 200කින් දිනලා තියෙනවා. ශූරතා 08ක් අනුශූරතා 08 සහ ලෝක ශූරතාවයේ තුන් වෙනියා. ආසියාවෙන් ගත්තොත් වැඩිම වාර්තා තියෙන්නේ මට තමයි. තව යුරෝපානු ශූරතාවය දින්නා..ආසියානු ශූරතාවය දින්නා..ජපාන ශූරතාවය දින්නා.. ඊළඟට දිනන්න තියෙන්නේ ලෝක ශූරතාවය. එළඹෙන වසරේ ඒක කරගන්න ලැබෙයි කියලා විශ්වාසය තියෙනවා." යනුවෙන් සඳහන් කළා.