Friday, March 29, 2024

General line - 0115112241

‘‘අඟහරු තරණය මෝඩ කි‍්‍රයාවක්‘‘ අභ්‍යවකාශයට ගිය ගගනගාමියෙකු කියයි

පවිත්‍රා මධුහර්ෂනී




මිනිසා අගහරු තරණයට උත්සහ කිරීම මෝඩ කි‍්‍රයාවක් බව, පළමු අභ්‍යවකාශ ගමනට එක්වූ ගගනගාමී බිල් ඇන්ඩර්ස් පවසනවා.

මේ වනවිට 85 වන වියේ පසුවන ඔහු බීබීසී රේඩියෝව සමග පැවැති සාකච්ඡුාවකදී ප‍්‍රකාශ කර ඇත්තේ මිනිසා අගහරුග‍්‍රහයා වෙත යැවීමට ගත් උත්සහයන් හාස්‍යජනක බවයි.

අගහරු මත මිනිසුන් රහිත ආධාරක වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම, ඒ සඳහා විශාල පිරිවැයක් දැරිය යුතු වීම සහ ජනතාව අපේක්ෂිත තරම් උනන්දුවක් නොදැක්වීම ඊට හේතු ලෙස ඔහු පෙන්වා දී තිබෙනවා.

පළමුව අභ්‍යවකාශය තරණය කළ ඇපලෝ 08 යානයේ ගමන් ගත් ගගනගාමීන් පිරිස අතරට බිල් ඇන්ඩර්ස් ද අයත්වුණා.

කෙසේ වෙතත් ඔහු සිදු කළ මෙම ප‍්‍රකාශයට නාසා ආයතනය මෙතෙක් කිසිඳු ප‍්‍රතිචාරයක් දක්වා නැහැ.