Saturday, April 20, 2024

General line - 0115112241

උතුරේ කැඩී ගිය වැව් ප්‍රතිසංස්කරණය හමුදාව අරඹයි (PHOTOS)

මාධව කුලසූරිය




උතුරු පළාතට බලපා ඇති ආපදා තත්ත්වය හමුවේ කැඩී ගිය ලොකු කුඩා වැව් ප‍්‍රතිසංස්කරණය කිරීම යුද හමුදා නිලධාරීන් විසින් ආරම්භ කර තිබෙනවා.

කිලිනොච්චිය හා මුලතිව් දිස්ත‍්‍රික්කයේ කැඩි ගිය වැව් රැසක් එම ප‍්‍රදේශවල යුද හමුදා නිලධාරීන් විසින් මේ වනවිට නැවත සකස් කරමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මුලතිව් පුදුකුඩිඉරිප්පු මරුදමඩු වැවේ කොටසක් කැඞීයාමේ අවදානමක් මතුව තිබු අතර, යුද හමුදා නිලධාරීන් මැදිහත් වී වැලි කොට්ට යොදා වැව් බැම්ම හා එම කොටස් ආරක්ෂා කිරීමට ද කටයුතු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.