Saturday, April 20, 2024

General line - 0115112241

රිට්ස්බරි 2018 ජාතික කණිෂ්ඨ ස්කොෂ් තරගාවලියේ ජය රාජකීය සහ විශාකා රැගෙන යයි




2018 රිට්ස්බරි ජාතික කණිෂ්ඨ ස්කොෂ් තරගාවලියේ අවසන් තරග සහ සම්මාන ප‍්‍රදානෝත්සවය ඊයේ (24) පස්වරුවේ කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

එහිදී වයස අවුරුදු 19න් පහළ පිරිමි අංශයේ ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලයේ දුවිංක පෙරේරා හිමිකර ගත් අතර 19න් පහළ බාලිකා ශූරතාව දිනා ගත්තේ කොළඹ විශාකා විද්‍යාලයේ කසුනි ගුණවර්ධනයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රිට්ස්බරි චෝකලට් සන්නාම කළමනාකරු අරුණ ලියනපතිරණ සඳහන් කළේ ක්‍රීඩාව ඉහළ නැංවීමට සහයෝගය දීම සිය සමාගමේ ප්‍රධාන අරමුණක් බවයි.