Friday, April 26, 2024

General line - 0115112241

බුද්ධ ප්‍රතිමාවලට හානි කළ අයෙක් කොටු වූ හැටි (PHOTOS)

සමන් විජය බණ්ඩාර




මාවනැල්ලේ ප‍්‍රසිද්ධ ස්ථානවල පිහිටුවා ඇති බුද්ධ ප‍්‍රතිමාවලට හානි කළ පුද්ගලයෙකු ප‍්‍රදේශවාසීන් විසින් කොටුකර ගෙන පොලීසියට භාරදී තිබෙනවා.

තවත් අයෙකු පලාගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. මෙම සැකකරුවන් තවදුරටත් බුදු පිළිම විනාශ කිරීමට සූදානම් වෙද්දී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ. අලුයම 04.00ට පමණ සැකකරු අල්ලාගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් කොටුකර ගැනීමට යාමේදී ප‍්‍රදේශවාසී එක් තරුණයෙකුද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

කොටුකර ගෙන පොලීසියට භාරදුන් සැකකරු මාවනැල්ල, හිගුල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.