Saturday, April 20, 2024

General line - 0115112241

දෙපිළේම පන්දු යවන්නන් අණසක පතුරුවයි (UPDATE)

ඩිල්ෂාන් මඩවල




ශී‍්‍ර ලංකා - නවසීලන්ත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ දෙවන තරගයේ පළමු දිනය වූ අද (26) දෙපිළේම පන්දු යවන්නන් අණසක පැතිරුවා.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලූ දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 178ක් පමණයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තරගය නතර කරන විට කඩුළු 4 ක් දැවී ලකුණු 88 ක් රැස්කර ගෙන සිටියා.

ඒ අනුව දිනය තුළ බිද වැටුණු මුළු කඩුළු සංඛ්‍යාව 14 ක්. 

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ටිම් සවුති ලකුණු 68ක් ලබාගත්තා. සුරංග ලක්මාල් ලකුණු 54 කට කඩුළු 5 යි. 

ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 27 ක් ලබාගෙන සිටිනවා. තරගය පැවැත්වෙන්නේ නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ච් නුවරදීයි.
 
 

------------------------------

ශ්‍රී ලංකා පන්දුයවන්නන් නවසීලන්ත ඉනිම අවසන් කරයි

(26-12-2018 09:21)

 

ශි‍්‍ර ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ 2 වන තරගයේදී නවසීලන්ත කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 178 කට සීමා වුණා.

වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගත්තේ ටිම් සවුතියි.

ඔහු පන්දු 65 කදී ලකුණු 68 ක් ලබාගත්තා.

සුරංග ලක්මාල් ලකුණු 54 කට කඩුළු 5 යි. මෙය සුරංග ලක්මාල් විසින් ඉනිමකදී කඩුළු 5 ක් දවාගත් දෙවන අවස්ථාවද වනවා. ලහිරු කුමාර ලකුණු 49 කට කඩුළු 3 යි. මෙම තරගය නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ච්හිදී පැවැත්වෙනවා.