Tuesday, March 19, 2024

General line - 0115112241

චීනයේ සුන්දර ශාඕෂිං නගරයට යන්න ලාංකිකයින්ට අවස්ථාවක්




චීනයේ ශාඕෂිං නගරයේ සංචාරය කිරීම සඳහා සංචාරකයින් ප්‍රවර්ධනය වෙනුවෙන් ශාඕෂිං නගරයේ සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය අතර සුහද හමුවක් පසුගියදා පැවැත් වුණා.

එය සංවිධානය කර තිබුණේ ඩිලක්ස් වැකේෂන්ස් ආයතනය මගින්.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියේ ශාඕෂිං සංචාරක ප්‍රවර්ධන කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Qian Jin. 

මෙම හමුවට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂිකා (වෙළඳ) මධුභානී පෙරේරා, කොළඹ - චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ යුවේ ලී වන්, එයාර් චයින් ආයතනයේ සාමාන්‍යාධිකාරී එමලි ලියූ, චයිනා රේඩියෝ ආයතනයේ අධ්‍යක්ෂක වෑං ෂි ආඕ ඩොංග් ඇතුළු පිරිසක් සහභාගී වුණා.

චීනයේ ශාඕෂිං නගරය ශ්‍රී ලාංකිකයින්ට තරමක් ආධුනික වුවද ආසියාවේ දිගම ගංගාව වන යැංසේ ගංගාවේ දකුණු දිශාවෙන් හා ෂීජියෑන් නගරයේ උතුරු මැද කලාපය අතර පිහිටා ඇති ඉතාම සුන්දර නගරයක් වනවා. වර්ග කිලෝමීටර් 8256කින් සමන්විත මෙම නගරයේ මිලියන 4.5කට අධික ජනගහනයක් වාසය කරනවා. යහපත් දේශගුණයකින් සමන්විත මෙම නගරයේ ඇළ මාර්ග, ජල උල්පත්, ගංගා, දිය ඇළි, මල් උයන්, පළතුරු උයන් ආදියෙන් සරුසාර බවයි ශාඕෂිං සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ.

අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, ජල මාර්ග ආධී ගමනාගමන පහසුකම්වලින් සහ නවීන තාක්ෂණයේ පහසුකම්වලින් සමන්විත මෙම නගරය පෞඪ ඉතිහාසයකට සහ සංස්කෘතියකට උරුමකම් කියාපාන බවද පෙන්වා දෙනවා.