Thursday, April 25, 2024

General line - 0115112241

බෝල්ට් ශ්‍රී ලංකා ඉණිම වනසයි

දිනුක් හේවාවිතාරණ




නවසීලන්තය සමග ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණු 104 කට සිමා කිරීමට ට්‍රෙන්ට් බෝල්ට් ප්‍රමුඛ පන්දු යවන්නන් සමත් විය.

තරගයේ පළමු දිනය වූ ඊයේ (26) තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 88ක් රැස් කර සිටි ශ්‍රී ලංකා පිතිකරුවන්ට අද දිනයේදී ලබා ගත හැකි වුයේ ලකුණු 16ක් පමණි. ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 6 පන්දු 22ක් තුලදී දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වීම මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් විය.

ශ්‍රී ලංකා පිතිකරුවන් 4 දෙනෙක්ම ලකුණු ලබා ගැනීමට පෙර යළි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට බෝල්ට් ඇතුළු පන්දුයවන්නන් සමත් විය. ශ්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුයේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්නොය. මැතිව්ස් පන්දු 88 කදී නොදැවී දැවී ලකුණු 33ක් ලබා ගන්නා ලදී.

නවසීලන්තය වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 30කට කඩුලු 6ක් සහ ටීම් සවුති ලකුණු 35 ට කඩුලු 3ක් දවා ගන්නා ලදියි.

මේ වන විට තරගය දිවා අහාරය සඳහා නතර කරන විට නවසිලන්ත පිල සිය දෙවැනි ඉණිම සඳහා කිසිවකුත් නොදැවී ලකුණු 36ක් ලබා ගෙන සිටි. 

නවසීලන්ත පිළේ පළමු ඉණිමේදී රැස් කර ගත්තේ ලකුණු 178ක් පමණි.