Saturday, April 20, 2024

General line - 0115112241

හරීන් ICC නියෝජිතයින් හමුවෙයි




කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඩුබායිහිදී හමුවී තිබෙනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළා. තමන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ සභාපතිවරයා ද හමුවීමට බලාපොරොත්තු වන බවයි කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කළේ.

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සමග කළ සාකච්ඡුා සාර්ථක බවයි එහිදී ඔහු කියා සිටියේ.  

ඉදිරියේදී එහි නියෝජිතයෙකු ශ‍්‍රී ලංකාවේ සිට තරග පාවාදීම සම්බන්ධයෙන් වන චෝදනා පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදු කරන බව ද කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සඳහන් කළා.

මේ දක්වා ඔවුන් සිදු කළ පරීක්ෂණ පිළිබඳ වාර්තා ද තමන් වෙත ලබා දුන් බවයි කී‍්‍රඩා අමාත්‍යවරයා කියා සිටියේ.