Thursday, April 25, 2024

General line - 0115112241

නවසීලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාව අන්ත අසරණ වේ!

කසුන් කැළුම්




සංචාරක ශ‍්‍රි ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වී සිටිනවා. ඔවුන් මීට නොබෝ වේලාවකට පෙර දෙවන ඉනිම සඳහා කඩුළු 03ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 438ක්. 

නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 178ක් රැස් කළ අතර ඊට පිළිතුරු වශයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස් කළේ ලකුණු 104ක් පමණයි. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම ශ‍්‍රී ලංකාවට වඩා ලකුණු 512ක් ඉදිරියෙන් සිටිනවා.

නවසීලන්ත දෙවන ඉනිම සවිමත් කළ ටොම් ලැතම් නොදැවී රැස් කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 124ක්. හෙන්රි නිකලොස් නොදැවී ලකුණු 54යි. පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුළු 02ක් දවා ගත් අතර දිල්රුවන් පෙරේරා එක් කඩුල්ලක් දවා ගත්්තා. ක‍්‍රයිස්චර්ච් හි පැවැත්වෙන මෙම තරගයේ තුන්වන දිනය අදයි.