Friday, April 19, 2024

General line - 0115112241

විදේශ ඇමති වෙනස් කිරීමට සෞදි රජුගෙන් තීරණයක්

සමන්ත කුමාර




සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ධුරයේ වෙනසක් සිදු කිරීමට සල්මාන් රජු තීරණය කර තිබෙනවා. ඒ අනුව නව විදේශ අමාත්‍යවරයා ලෙස ඉබ්රාහිම් අල් අසාෆ් පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදීල් අල් ජුයිබර් මීට පෙර සෞදි විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ ඝාතනයෙන් පසු බටහිර රටවල් සමග පැවති සබදතා පළුදු වූ තත්ත්වයක් තුළ සෞදි රජු මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.