Friday, April 19, 2024

General line - 0115112241

හිලරි පරදා මිචෙල් ඉදිරියට

පවිත‍්‍රා මධුහර්ෂනි - විදෙස් පුවත් ඇසුරෙන්




2018 වසරේ අමෙරිකාවේ කීර්තිමත්ම කාන්තාව ලෙස හිටපු ජනාධිපති ආර්යා මිචෙල් ඔබාමා නවතම සමීක්ෂණයකින් තේරී පත්ව තිබෙනවා. ඒ, අමෙරිකාවේ හිටපු ජනාධිපති ආර්යාවක මෙන්ම හිටපු රාජ්‍ය ලේකම්වරියක හා ජනාධිපති අපේක්ෂිකාවකද වූ හිලරි ක්ලින්ටන් අභිබවා යමින්.

මීට පෙර පසුගිය වසර 17 තුළම අමෙරිකාවේ කීර්තිමත්ම කාන්තාව වූයේ හිලරි ක්ලින්ටන්. එහෙත් මෙවර ලැයිස්තුවේ හිලරි ක්ලින්ටන්ට හිමිව ඇත්තේ 03වන ස්ථානයයි. 

2018 වසරේ අමෙරිකාවේ කීර්තිමත්ම පුද්ගලයා ලෙස මෙවර තේරී පත්ව තිබෙන්නේ අමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමායි. එහි දෙවන ස්ථානය අමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ටයි හිමිව ඇත්තේ.

අමෙරිකානුවන් 1025 දෙනෙකු යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර ඇති අතර තමන් ජීවිතයේදී වඩාත්ම අගය කරන කාන්තාව හා පුරුෂයා කවුරුන්ද යන්න ඔවුන්ගෙන් විමසා තිබුණා. ඒ අනුවයි අදාළ ප‍්‍රතිපල වර්ගීකරණය කර ඇත්තේ