Friday, March 29, 2024

General line - 0115112241

කුසල් හා චන්දිමාල් ගෙන් ශතක සම්බන්ධතාවයක්

ඩිල්ෂාන් මඩවල




නවසීලන්තයට එරෙහිව ක‍්‍රයිස්චර්ච්හිදී පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ශ‍්‍රී ලංකාව මේවනවිට පරාජයෙන් ගැලවීමේ ප‍්‍රභල සටනක නිරත වී සිටිනවා. මෙම තරගය ජය ගැනීමට නම් ශ‍්‍රී ලංකාව ලකුණු 660ක් ලබා ගත යුතුයි. මීට නොබෝ වේලාවකට පෙර ඔවුන් කඩුළු 02ක් දැවී ලකුණු 126ක් ලබා ගෙන සිටියා. ඒ අනුව තරගය ජය ගැනීමට නම් ශ‍්‍රී ලංකාව තවත් ලකුණු 534ක් ලබා ගත යුතුයි. නැතහොත් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීම සඳහා අද සහ හෙට දින දෙකම පන්දුවට පහරදීමට ශ‍්‍රී ලංකාවට සිදුවනවා. 

මේවනවිට නොදැවී පන්දුවට පහරදෙන්නේ නායක දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස්. කුසල් මෙන්ඩිස් ලකුණු 54ක්ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 50ක් ද ලබා ගෙන සිටිනවා. 03වන කඩුල්ල සඳහා ඔවුන් අතර සබඳතාව 117ක්. 

ශ‍්‍රි ලංකා පළමු ඉනිම ලකුණු 104කට සීමාවුණා. නවසීලන්ත පළමු ඉනිම ලකුණු 178යි. දෙවන ඉනිමේදී ඔවුන් කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 585ක් ලබා ගත්තා.