Wednesday, April 24, 2024

General line - 0115112241

ඇලෙස්ටයාර් කුක් නයිට් පදවියෙන් පිදුම් ලබයි

දිනුක් හේවාවිතාරණ




එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නයක් ඇලෙස්ටයාර් කුක් හට නයිට් ගෞරව පදවිය පිරිනැමීමට බ්‍රිතාන්‍ය මහ රැජිණ විසින් තීරණය කර ඇති බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. නව වසර උදාවත් සමග මෙම පදවිය ඔහුට පිරිනැමෙනු ඇති බවයි එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරනු ලැබූ පිතිකරුවා වනවා. ඔහු ටෙස්ට් තරග 161 කදී වාර්තාකර තිබෙන ලකුණු සංඛ්‍යාව 12472ක් වනවා. ලොව වැඩිම ටෙස්ට් ලකුණු වාර්තා කරනු ලැබූ පිතිකරුවන් අතරින් 5 වන ස්ථානයේ පසුවන්නේද ඔහුයි.

34 හැවිරිදි ඇලෙස්ටයාර් කුක් ඉකුත් සැප්තැම්බර් මස 11 වනදා ඉන්දියාව සමග පැවති ටෙස්ට් තරගාවලියෙන් පසු සිය ක්‍රිකට් දිවියෙන් සමුගනු ලැබුවා. 

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදුකළ සේවය වෙනුවෙන් ගෞරව කිරීමක් වශයෙන් ඇලෙස්නටයාර් කුක් හට නයිට් ගෞරව පදවිය පිරිනැමීමට තීරණය කර ඇති බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වන කොලින් ග්‍රේව්ස් සඳහන් කර සිටිනවා.

මේ අනුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නයිට් පදවියට හිමිකම් කියන 11 වන ක්‍රීඩකයා වන්නේ ඇලෙස්ටයාර් කුක්ය.