Friday, April 26, 2024

General line - 0115112241

පුපුරා ගිය ක‍්‍රැකටෝවා ගිනිකන්දේ තුනෙන් දෙකක් ක්ෂය වෙයි

පවිත‍්‍රා මධුහර්ෂනි - විදෙස් පුවත් ඇසුරෙන්




පුද්ගලයින් 400කට පමණ දිවි අහිමි කරමින් විධාරණය වූ ඉන්දුනීසියාවේ ක‍්‍රැකටෝවා ගිනිකන්දෙන් තුනෙන් දෙකක පමණ කොටසක් මේවනවිට ක්‍ෂය වී ඇතැයි එරට පර්යේෂකයින් පිරිසක් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ සිදුවූ විධාරණයත් සමග සාගර පතුලේ ඇතිවූ නායයමෙන් ගිනිකන්දේ විශාල කොටසක් සාගරයට කඩා වැටී ඇතිි බවයි. එහි ප‍්‍රතිපලයක් ලෙස ජාවා සහ සුමාත‍්‍රා ¥පත්වලට ආසන්න වෙරළ කලාපයන්හි මුහුදු රළ ද ඇතැම් විට මීටර් 05කින් පමණ ඉහළ යා හැකි බව ඔවුන් පවසා තිබෙනවා.