Friday, March 29, 2024

General line - 0115112241

පිලිපීනයයේ ප්‍රභල භුකම්පනයක් හේතුවෙන් සුනාමි අවධානමක්

දිනුක් හේවාවිතාරණ




පිලිපීනයේ මින්දනාවෝ දුපත් ආසන්න මුහුදු කළාපයේ රිච්ටර් ඒකක 7.2ක ප්‍රභලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා. එම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවධානමක් ඇතිවී ඇති බවයි වාර්තා වන්නේ.

පැසිෆික් සුනාමි පෙර අනතුරු ඇඟවීමේ මධයස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙම භුකම්පාව හේතුවෙන් පිලිපිනය, ඉන්දුනීසියාව සහ පාලු දුපත් හි වෙරළ කළාපයට සුනාමි අවධානමක් ඇතිවිය හැකි බවයි. ඒ හේතුවෙන් වෙරළ කළාපය ආශ්‍රිත ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකාවට මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. කෙසේ වුවත් ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි එහි ප්‍රකාශකයෙක් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.