Thursday, March 28, 2024

General line - 0115112241

SLT ස්පීඩ්අප් දෙවන අදියර ඇරඹෙයි




එස්.එල්.ටී ස්පීඞ්අප් පාපැදි සවාරියේ පිරිමි තරග අංශයේ පළමු අදියර ඊයේ (27) මාතර නගරයෙන් නිමාවට පත්වූ අතර කාන්තා තරග අංශය නිමාවට පත් වුණේ අම්බලන්ගොඩ නගරයෙන්.

ඊයේ උදෑසන පාපැදි සවාරිය කොළඹ කොටුව ශ‍්‍රී ලංකා ටෙලිකොම් මූලස්ථානය අසලින් ආරම්භ වුණා. පිරිමි තරග අංශයෙන් ඊයේ දිනයේ පළමු ස්ථානය දිනාගත්තේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නවීන් රුචිරයි.

දෙවන ස්ථානය ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ප‍්‍රභාෂ් මධුෂංක දිනාගත් අතර තෙවන ස්ථානය ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ තුෂාන් රාජපක්ෂ දිනාගත්තා.

කාන්තා තරග අංශයේ පළමු ස්ථානය එන්.එස්.පී. සුලෝචනා විසින් දිනාගත් අතර දෙවන ස්ථානය හිමිවූයේ ජී.අයි.එම්. රණසිංහටයි. තෙවන ස්ථානය ඒ.එම්.ඩී දිල්රුක්ෂි විසින් දිනාගත්තා. පිරිමි තරග අංශයේ දෙවන අදියර අද (28)උදෑසන මාතර නගරයෙන් ආරම්භ කෙරුණු අතර රත්නපුර නගරයෙන් එය අවසන් කෙරෙනවා.