Friday, April 19, 2024

General line - 0115112241

කුසල් මෙන්ඩිස්ගේ වාර්තාවෙන් විරාත් කෝලී නූලෙන් බේරෙයි




මෙම වසරේ වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවන් අතර දෙවන ස්ථානය දිනා ගැනීමට කුසල් මෙන්ඩිස් සමත්වී තිබෙනවා.

ඒ, ටෙස්ට් තරග 12 කදී ලකුණු 1,023 ක් රැුස් කරමින්. 2018 වසරේ වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැුස් කළ පිතිකරුවා වන්නේ ඉන්දීය නායක විරාත් කෝලියි. ඔහු ටෙස්ට් තරග 13 කදී ලකුණු 1,322 ක් රැස් කිරීමට සමත් වුණා.

මෙම වසරේදී ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කර ඇති පිතිකරුවන් දෙපළ වන්නේද විරාත් කෝලි සහ කුසල් මෙන්ඩිස්. මෙම වසරේ වැඩිම ටෙස්ට් කඩුළු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නන් අතර දෙවන ස්ථානය දිල්රුවන් පෙරේරාට හිමිව තිබෙනවා.

ඔහු මෙම වසරේ සහභාගි වූ ටෙස්ට් තරග 11 දී දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 50 ක්. මෙම වසරේ වැඩිම ටෙස්ට් කඩුළු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා ලෙස තරග 10 කදී කඩුළු 52 ක් දවා ගත් දකුණු අපි‍්‍රකාවේ කගීසෝ රබාඩා පෙරමුණ ගෙන සිටිනවා.