Friday, March 29, 2024

General line - 0115112241

ගින්නෙන් අවතැන් වූ ජනතාවට කූඩාරම් (PHOTOS)

රංජිත් රාජපක්ෂ




හැටන්, ෆොඩයිස් වතු යායේ ගින්නෙන් අවතැන් වූ පවුල් 24 ක් සඳහා තාවකාලික කූඩාරම් ඉදිකිරීමට ගුවන් හමුදාවේද සහාය හිමිවී තිබෙනවා.

කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 3 ක සෙවිලි තහඩු ලබාදී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ගින්නෙන් අවතැන් වූ පවුල් සඳහා නිවාස ඉදිකරන තෙක් ඔවුන්ට වතු යායේ කී‍්‍රඩාංගණයේ තාවකාලික කූඩාරම් ඉදිකර දීමට තීරණය කර තිබෙනවා. එම ගින්නෙන් හැටන්, ෆොඩයිස් වතු යායේ අක්කර 30 ක කොටසක් විනාශ වූ අතර ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවටයි සැක කෙරෙන්නේ.