Saturday, April 20, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා ප‍්‍රබල තුරුම්පුවක් නවසීලන්ත තරග සංචාරයෙන් ඉවතට

කසුන් කැළුම්




සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට එක්වීමේ අවස්ථාව ඇන්ජලෝ මැතිව්ස්ට අහිමි වී තිබෙනවා. ඒ, ඔහුගේ පාදයේ ආබාධය පූර්ණ වශයෙන් සුව නොවීම හේතුවෙන්.

ඔහුට සති 4 ක් පමණ විවේක ගැනීමට සිදුවනු ඇති බව වෛද්‍යවරුන් සඳහන් කළ බවයි ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පැවසුවේ.

ජනවාරි මාසයේ ආරම්භ වන  ඕස්ටේ‍්‍රලියානු තරග සංචාරයද බොහෝ විට ඇන්ජලෝ මැතිව්ස්ට අහිමිවනු ඇති බවයි වාර්තා වන්නේ. ඔහු මෙලෙස පාදයේ ආබාධයකට ලක්වුණේ ක‍්‍රයිස්චර්ච්හි පැවැති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී පන්දුවක් පාදයේ වැදීමෙන්. අනතුරුව ඔහු යළි පන්දුවට පහරදීමට පිටියටද පිවිසියේ නැහැ. 

මේ අතර තරග 3 කින් සමන්විත ශී‍්‍ර ලංකා - නවසීලන්ත එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය ලබන ජනවාරි මස 3 වැනිදා පැවැත්වීමට නියමිතයි.