Friday, March 29, 2024

General line - 0115112241

ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට සධීර සමරවික‍්‍රම ශ‍්‍රී ලංකා සංචිතයට කැඳවයි

කසුන් කැලුම්




නවසීලන්තය සමඟ පැවැත්වෙන එක්දින සහ පන්දුවාර 20 තරගාවලිය සඳහා සධීර සමරවික‍්‍රම සංචිතයට කැඳවා තිබෙනවා. ඒ, ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවටයි. නවසීලන්තය සමඟ ක‍්‍රයිස්චර්ච්හි දී පැවති දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස් ආබාධයට ලක්වුණා.

ඒ හේතුවෙන් ඔහු විවේක ගැන්වීමටයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා දැනුම් දී ඇත්තේ. නවසීලන්තය හා ශ‍්‍රී ලංකාව අතර තරග 03කින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජනවාරී 03 වනදා පැවැත්වෙනවා.